Header

Sri Lanka Army

Defender of the Nation

07th June 2024 07:57:54 Hours

විශ්‍රාම දිවියට පා තබන ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපතිතුමන් වෙත එම රෙජිමේන්තුවේ ගෞරවාචාරය

ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී සහ ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ වෙත එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 ජුනි මස 05 දින පැවැත්විය.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි රෙජිමේන්තු අධිපතිතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමූහ. අනතුරුව, එතුමන් මව්බිම වෙනුවෙන් දිවිපිදු මේජර් ජෙනරල් විජය විමලරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ පිළිරුව වෙත පුෂ්පෝපහාර පුදකිරීමෙන් පසුව එම රෙජිමේන්තුවේ භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය ද පුදකළහ.

විශ්‍රාම දිවියට පා තබන ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපතිතුමන් මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය. අනතුරුව, සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගි වූ එතුමන් භටපිරිස් සමඟින් සුහඳ අදහස් හුවමාරුවක ද නිරතවිය.

එදින සන්ධ්‍යාවේදී විශ්‍රාම දිවියට පා තබන රෙජිමේන්තු අධිපතිතුමන් වෙනුවෙන් හමුදා සම්ප්‍රදායානුකූල සමුගැනීමේ රාත්‍රී භොජන සංග්‍රහයක් ද පවත්වන ලදී. මෙම අවස්ථාවට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය සහභාගී වූහ. එහිදී, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී විසින් විශ්‍රාම දිවියට පා තබන රෙජිමේන්තු අධිපතිතුමන් වෙත කෘතවේදීත්වය සහ ප්‍රශංසාව පුදකරමින් සමුදීමේ දේශනය පවත්වන ලදී.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ඔවුන්ගේ භාර්යාවන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.