06th June 2024 14:55:52 Hours
ශ්‍රී පාද වන්දනා සමයේ සමාප්තිය සනිටුහන් කරමින් ශ්‍රී සුමන සමන් දේව ප්‍රතිමාව, සධාතුක කරඩු වහන්සේ සහ දේව ආභරණ ශ්‍රී පාද මළුවේ සිට නල්ලතන්නිය දක්වා වැඩම කරවීමේ පුණ්‍ය මහෝත්සවය 2024 මැයි මස 24 දින පැවති අතර ඒ සඳහා 19 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් සිය දායකත්වය ලබාදුන්හ.
ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් එස්.ආර්.බී. අළුවිහාරේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම සහ 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති, 112 පාබල බලසේනාවේ බලසේනාධිපති සහ 19 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරීතුමන්ගේ අධීක්‍ෂණය මත භටපිරිස් විසින් ඉතා කැපවීමෙන් මෙම පුණ්‍ය වැඩසටහන සඳහා සිය දායකත්වය ලබාදුන්හ.