Header

Sri Lanka Army

Defender of the Nation

06th June 2024 15:05:45 Hours

ප්‍රගුණ හා සැඟවුණු වෙඩිකරු පුහුණු පාසලේ නව සේනාවිධායක රාජකාරි අරඹයි

දියතලාව, ප්‍රගුණ හා සැඟවුණු වෙඩිකරු පුහුණු පාසලේ නව සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් ආර්.පී. මුණිපුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී 2024 ජූනි මස 03 දින එම පුහුණු පාසල් පරිශ්‍රයේදී ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි භාරගනු ලැබීය.

ප්‍රගුණ හා සැඟවුණු වෙඩිකරු පුහුණු පාසල් පරිශ්‍රය වෙත සපැමිණි නව සේනාවිධායකතුමන් එම පුහුණු පාසලේ මාණ්ඩලික නිලධාරීන් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමූහ.

ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබීමෙන් අනතුරුව බ්‍රිගේඩියර් ආර්.පී. මුණිපුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සියලුම නිලධාරීන් සහ සෙසුනිලයන් ආමන්ත්‍රණය කරමින් පුහුණු පාසලේ අභිවෘද්ධිය උදෙසා එතුමන් සතු ඉදිරි දැක්ම පිළිබඳ ප්‍රකාශ කළේය.

මෙම උත්සව අවස්ථාවට ප්‍රගුණ හා සැඟවුණු වෙඩිකරු පුහුණු පාසලේ මාණ්ඩලික නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.