Header

Sri Lanka Army

Defender of the Nation

06th June 2024 15:02:47 Hours

කටුනායක ප්‍රදේශයේ ගංවතුරෙන් අවතැන් වූවන්ට යුද්ධ හමුදා භටපිරිස්හි සහය

පසුගිය දිනවල පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ කටුනායක, ඇවරිවත්ත ප්‍රදේශයේ ඇති වූ ගංවතුර තත්ත්වයෙන් තම සේවා ස්ථාන වෙත යාමට නොහැකිව සිටි ප්‍රදේශවාසීන් 313 දෙනෙකු සඳහා 141 පාබල බලසේනාවේ භටපිරිස් විසින් 2024 ජුනි මස 05 දින ප්‍රවාහන පහසුකම් සපයන ලදී.

1 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය සහ 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ භටපිරිස් එක්ව සන්නද්ධ රථ දෙකක් සහ බෝට්ටු භාවිතා කරමින් ගංවතුරින් අවතැන් වූ ප්‍රදේශවල සිවිල් වැසියන් ආරක්‍ෂිතව රැගෙන යාම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන ලදී.