Header

Sri Lanka Army

Defender of the Nation

06th June 2024 15:00:56 Hours

61 පාබල සේනාංකයේ 16 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සැමරේ

61 පාබල සේනාංකයේ 16 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.එච්.එම්.එස්. වික්‍රමරත්න ආර්එස්පී ගේ මඟපෙන්වීම මත හමුදා සම්ප්‍රදායානුකූලව සැමරුම් උත්සවයක් පැවැත්වීය.

සංවත්සර දින සැමරුම සනිටුහන් කරමින් සුහදත්වය සහ කණ්ඩායම් ක්‍රියාකාරීත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 61 පාබල සේනාංකය යටතේ සේවයේ නියුතු නිලධාරීන්, සෙසුනිලයන් සහ සිවිල් සේවක කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් 2024 මැයි මස 27 දින සුහඳ ක්‍රිකට් තරඟාවලියක් පැවැත්විණී. මීට සමගාමීව, 2024 මැයි මස 29 දින, රත්ගම විජේරත්න වැඩිහිටි නිවාසයේ නේවාසික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්වීය.

සංවත්සර දිනයේදී සේනාංක මූලස්ථානය වෙත සපැමි‍ණි සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.එච්.එම්.එස්. වික්‍රමරත්න ආර්එස්පී එම සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ. මෙම අවස්ථාව සනිටුහන් කරමින් සේනාංකාධිපතිතුමන්ගේ සුරතින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා ද එතුමන් සහභාගී විය.

මෙම සංවත්සර සැමරුම් උත්සවය සඳහා එම සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.