Header

Sri Lanka Army

Defender of the Nation

05th June 2024 15:22:25 Hours

මාතර දිස්ත්‍රික්කයේ ගංවතුරෙන් විපතට පත්වූවන්ට යුද්ධ හමුදා සහාය

මාතර දිස්ත්‍රික්කයේ කද්දුව, වැල්ලතොට සහ දොලේගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ගංවතුරින් විපතට පත්වූවන්ට සහන සැලසීම වෙනුවෙන් 61 පාබල සේනාංකයේ භටපිරිස් විසින් 2024 ජුනි මස 03 දින බෝට්ටු යොදාගනිමින් මෙහෙයුමක් සිදු කරන ලදී.

අයහපත් කාලගුණික තත්ත්වයන් තුළ විපතට පත් ප්‍රදේශවාසීන්ට අවශ්‍ය සහාය ලබාදීම සඳහා භටපිරිස් කැපවීමෙන් යුතුව කටයුතු කල අතර, මෙම මෙහෙයුමේ මූලික අරමුණ වූයේ ගංවතුරෙන් විපතට පත් වූවන් ආරක්‍ෂිත ස්ථාන වෙත රැගෙන යාම සහ ආහාර ලබාදීමයි.