05th June 2024 15:26:44 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ 38 වන සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් යූ.එල්.ජේ.එස්. පෙරේරා ආර්එස්පී යූඑස්පී පීඑස්සී 2024 ජුනි මස 03 දින රාජකාරි භාරගත්තේය.
විද්‍යාපීඨයේ ‘ඒ’ ගේට්ටුව වෙත සපැමිණි මේජර් ජෙනරල් යූ.එල්.ජේ.එස්. පෙරේරා ආර්එස්පී යූඑස්පී පීඑස්සී වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමූහ. මව්බිම වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහිපත් කරමින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුදකිරීමෙන් අනතුරුව එතුමන් වෙත එම විද්‍යාපීඨයේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය ද පුදකළහ.
පසුව, එතුමන් ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් එතුමන් සමූහ ඡායාරූප කිහිපයකට ද පෙනීසිටියේය.
රාජකාරි භාරගැනීමෙන් අනතුරුව සේනාවිධායකතුමන් නිලධාරින් සහ සෙසුනිලයන් ආමන්ත්‍රණය කරමින් එම විද්‍යාපීඨයේ අරමුණු සහ පුහුණු ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීමේදී කෙඩෙට් නිලධාරින්ගේ දැනුම වැඩිදියුණු කිරීම වෙනුවෙන් එම විද්‍යාපීඨය සතු වගකීම් පිළිබඳ අවධාරණය කළේය. මෙම උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සියළු නිල තේ පැන් සංග්‍රහයක් පැවැත්විණි.
මෙම අවස්ථාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නියෝජ්‍ය සේනාවිධායකතුමන්, අංශ ප්‍රධානීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.