04th June 2024 20:02:29 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ මේජර් ජෙනරල් එල්. අබේවර්ධන (විශ්‍රාමික) යූඑස්පී පසුගිය සඳුදා (ජුනි මස 03) දින ඇතිවූ රෝගාබාධයක් හේතුවෙන් නාරාහේන්පිට, යුද්ධ හමුදා රෝහලේදී අභාවප්‍රාප්ත වූයේය. අභාවප්‍රාප්ත වන විට එතුමන් 65 වන වියේ පසුවිය.
එතුමන් යුද්ධ හමුදාවේ සහ රටේ සංවර්ධනය වෙනුවෙන් නොසැලෙන කැපවීමකින් කීර්තිමත් සේවයක් ඉටුකළේය. අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා 2024 ජුනි මස 05 දින පෙරවරු 8.00 සිට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කෙරේ.
මේජර් ජෙනරල් එල්. අබේවර්ධන (විශ්‍රාමික) යූඑස්පී ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ හමුදා ගෞරවාචාර මධ්‍යයේ 2024 ජුනි මස 06 දින බොරැල්ල පොදු සුසාන භුමියේ දී පස්වරු 5.30 ට සිදුකිරීමට නියමිතව ඇත.