04th June 2024 19:56:57 Hours
පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වයෙන් ඇති වූ ගංවතුර හේතුවෙන් අවතැන් වූ ජනතාව සතු ගැටළු විසඳීම සඳහා 2024 ජුනි මස 04 දින කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සම්බන්ධීකරණ සාකච්ඡාවක් පැවැත්විණි.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ සහභාගීත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා ආචාර්ය මේජර් ප්‍රදීප් උඳුගොඩ හා ගරු ප්‍රේම්නාත් සී. දොලවත්ත යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆීල් සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ද සහභාගී වූහ.
ගංවතුරින් විපතට පත් ප්‍රදේශවල අවතැන් වූ ජනතාවට ආහාර සැපයීම, විදුලිය හා සන්නිවේදන සේවා යථා තත්ත්වයට පත්කිරීම සහ ආපදා සහන ක්‍රියාන්විතයන් දියත් කිරීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමුකෙරිණි. රජය වෙතින් ක්‍රියාත්මක කරනු ලබන ආපදා සහන වැඩසටහන් සඳහා යුද්ධ හමුදාවේ සක්‍රීය දායකත්වය නොමසුරුව ලබාදෙන බව මෙහිදී යුද්ධ හමුදාධිපතිතුමන් වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම සාකච්ඡාවෙන් අනතුරුව, එම අවස්ථාවට සහභාගී වූ සම්භාවනීය අමුත්තන් අවතැන් වූ පවුල් 53 ක පුද්ගලයින් 235 දෙනෙක් රඳවා සිටින මුනිදාස කුමාරතුංග විද්‍යාලයේ සහ පවුල් 60 ක පුද්ගලයින් 310 ක් රඳවා සිටින බෝමිරිය අශෝකාරාම විහාරස්ථානයේ සංචාරයක නිරතවූහ.
මෙම සම්බන්ධීකරණ සාකච්ඡාව සඳහා 14 පාබල සේනාංකයේ සේනාංකාධිපති, යුද්ධ, නාවික සහ ගුවන් හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, පොලිස් නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරින් පිරිසක් ද සහභාගී වූහ.