Header

Sri Lanka Army

Defender of the Nation

03rd June 2024 18:33:46 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ගේ ප්‍රධානත්වයෙන් ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පාලන පරික්‍ෂාව පැවැත්වේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ ප්‍රධානත්වයෙන් 2024 මැයි මස 31 දින ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පාලන පරික්‍ෂාවක් පැවැත්විණි.

රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී එම රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ. එම පාලන පරික්‍ෂාව ආරම්භ කිරීමට ප්‍රථම පාබල හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ ගැමුණු හේවා බලකා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.බී වෙලගෙදර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී විසින් යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ මණ්ඩල හා ශාඛාවල සේවයේ නියුතු අධ්‍යක්‍ෂවරුන් සහ මාණ්ඩලික නිලධාරින් මෙම අවස්ථාවට උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

මෙම අවස්ථාවේදී, දේශනයක් සිදුකරමින් මාණ්ඩලික ප්‍රධානීතුමන් පාලන පරීක්‍ෂාවන් සිදුකිරීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළේය. අධ්‍යක්‍ෂවරුන් සහ මාණ්ඩලික නිලධාරීන් තම නිරීක්‍ෂණ ඉදිරිපත් කළ අතර අදාළ ගැටළු සඳහා විසඳුම් ද ලබාදුන්හ. ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරීන් සහ මාණ්ඩලික නිලධාරීන් රැසක් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.