03rd June 2024 18:51:30 Hours
1 ශ්‍රී ලංකා රයිෆල් බලකායේ නවතමයෙන් ඉදිකරන ලද මුරහල සහ පිවිසුම් දොරටුව 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.එම්.එම්. රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ ප්‍රධානත්වයෙන් 2024 මැයි මස 25 දින විවෘත කරනු ලැබීය.
1 ශ්‍රී ලංකා රයිෆල් බලකායේ අණදෙන නිලධාරීතුමන් විසින් කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි 11 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසුව භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීමෙන් අනතුරුව එතුමන් විසින් පීත්ත පටිය කපා සංකේතාත්මකව පිවිසුම් දොරටුව විවෘත කළේය.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.