03rd June 2024 18:46:20 Hours
මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානය මඟින් පවත්වනු ලැබූ තරුණ නිලධාරී පාඨමාලා අංක - 64, (2024-11) 2024 ජූනි මස 02 දින සාර්ථකව අවසන් වූ අතර, එහි සමාප්ති දේශණය එම පාබල පුහුණු මධ්‍යස්ථාන පුහුණු අංශයේ අණදෙන නිලධාරී කර්නල් ඩී. සූරියආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විසින් පවත්වනු ලැබීය.
මාසයක කාල සීමාවක් පුරා පැවති මෙම පාඨමාලාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු නියෝජනය කරමින් තරුණ නිලධාරීන් 75 දෙනෙකු සහභාගී වූ අතර, පාඨමාලාව පාබල හමුදාවේ මූලික අවි ආයුධ සම්බන්ධ න්‍යායික හා ප්‍රායෝගික සැසිවලින් සමන්විත විය.
සමාප්ති උත්සවයේදී, පාඨමාලාව සඳහා සහභාගිවූවන් වෙත සහතිකපත් ප්‍රදානය කිරීමට ප්‍රථම අණදෙන නිලධාරීතුමන් විසින් සමාප්ති දේශනය පවත්වන ලදී. මෙම අවස්ථාවට උපදේශකවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද එක්ව සිටියහ.