Header

Sri Lanka Army

Defender of the Nation

03rd June 2024 19:03:00 Hours

යුද්ධ හමුදා රෝහලේ කළමනාකරණ සහ නඩත්තු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂතුමන් පලාලි යුද්ධ හමුදා මූලික රෝහලේ නිරීක්‍ෂණ සංචාරයක

යුද්ධ හමුදා රෝහලේ කළමනාකරණ සහ නඩත්තු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ආර්.එම්.ජේ.බී. රත්නායක ආර්එස්පී 2024 මැයි මස 30 දින පලාලි යුද්ධ හමුදා මූලික රෝහලේ නිරීක්‍ෂණ සංචාරයක නිරත විය.

පලාලි යුද්ධ හමුදා මූලික රෝහලේ අණදෙන නිලධාරීතුමන් විසින් රෝහල් පරිශ්‍රය වෙත සපැමිණි බ්‍රිගේඩියර් ආර්.එම්.ජේ.බී. රත්නායක ආර්එස්පී උණුසුම් ලෙස පිළිගැනීමෙන් අනතුරුව රෝහලේ ක්‍රියාකාරකම් පිළිබඳව දැනුවත් කිරීමක් ද සිදුකළේය. එතුමන් රෝහල් පරිශ්‍රයේ නිරීක්‍ෂණ කටයුතු සිදුකරමින් රෝහල් කළමනාකාරීත්වය සහ නඩත්තු කටයුතු සම්බන්ධ ගැටළු පිළිබඳව සාකච්ඡාවක ද නිරත විය.

සංචාරය සමාප්තියේ එතුමන් විසින් මෙම අවස්ථාව සනිටුහන් කරමින් රෝහල් පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය. සංචාරය සමාප්තියේ එම රෝහල් අණදෙන නිලධාරීතුමන් විසින් බ්‍රිගේඩියර් ආර්.එම්.ජේ.බී රත්නායක ආර්එස්පී වෙත විශේෂ සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී. අනතුරුව එතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.