03rd June 2024 13:27:28 Hours
12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සී.එස්. මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජී ගේ උපදෙස් හා 122 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් කේ.එච්.එම්.යූ.බී. කොලොන්ගහපිටිය යූඑස්පී ගේ අධීක්‍ෂණය මත 2024 ජුනි මස 02 දින 3 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් අධික වර්ෂාපතනය හේතුවෙන් ඇත්පිටිය අමුණේ වාන්දොරටු ඝණ අපද්‍රව්‍යවලින් අවහිර වීම හේතුවෙන් එම වාන්දොරටු තුළ පැවති අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා පිරිසිදු කිරීමේ වැඩසහනක් ක්‍රියාත්මක කළහ.
භටපිරිස් කඩිනමින් ක්‍රියාත්මක වී වාන්දොරටුවේ පැවති ඝණ අපද්‍රව්‍ය ඉවත් කිරීම හේතුවෙන් ඇත්පිටිය, වලස්මුල්ල ප්‍රදේශයේ ඇතිවීමට හැකිව තිබූ ගංවතුර තත්ත්වයන් වළක්වාගත හැකි විය.
ස්වභාවික අභියෝග හමුවේ ප්‍රදේශවාසීන්ගේ යහපැවැත්ම සුරක්‍ෂිත කිරීම උදෙසා යුද්ධ හමුදා භටපිරිස් දක්වන කැපවීම පෙන්නුම් කරමින් 3 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් මැදිහත් වී සිදුකරනු ලැබූ මෙම ව්‍යාපෘතිය තුළින් ප්‍රදේශයට සිදුවීමට තිබූ විශාල හානියක් වළක්වාගැනීමට හැකියාව ලැබිණි.