02nd June 2024 19:02:42 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියංගොඩ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී 2024 මැයි මස 31 දින යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිල සංචාරයක නිරත විය.
හමුදා සම්ප්‍රදායන්ගෙන් අනතුරුව යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්‍යක්‍ෂතුමන් විසින් එතුමන් මෙම අවස්ථාව සඳහා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
එම අධ්‍යක්‍ෂ මණ්ඩලය සතු පහසුකම් සහ සුභසාධන කටයුතු පිළිබඳ සොයාබැලීමේ අරමුණින් විධායක ජෙනරාල්තුමන් මෙම සංචාරය සිදුකළේය. එම අධ්‍යක්‍ෂ මණ්ඩලය යටතේ සේවයේ නියුතු නිලධාරින් සහ සෙසුනිලයන් සමඟ සුහඳ පිළිසඳරක නිරත වූ විධායක ජෙනරාල්තුමන් යුද්ධ හමුදාවේ සංස්කෘතික හා උත්සව කටයුතු සඳහා ඔවුන් දක්වන දායකත්වය ඇගයීමට ලක් කළේය.
මෙම සංචාරය සඳහා යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.