02nd June 2024 18:54:37 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ ප්‍රධානත්වයෙන් 2024 මැයි මස 28 දින අඹේපුස්ස, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පාලන පරික්‍ෂාවක් පැවැත්විණි.
රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් සී.එස්. තිබ්බොටුගේ විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීමෙන් අනතුරුව එතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ. එම පාලන පරික්‍ෂාව ආරම්භ කිරීමට ප්‍රථම ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පි එන්ඩීයූ විසින් යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ මණ්ඩල හා ශාඛාවල සේවයේ නියුතු අධ්‍යක්‍ෂවරුන් සහ මාණ්ඩලික නිලධාරින් මෙම අවස්ථාවට උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
ඉන් අනතුරුව, දේශනයක් පවත්වමින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි විසින් පාලන පරික්‍ෂාවක් සිදුකිරීමේ වැදගත්කම පිළිබඳ අවධාරණය කළේය. මෙම අවස්ථාව සඳහා සහභාගී වූ අධ්‍යක්‍ෂ මණ්ඩල සහ ශාඛාවන්හී අධ්‍යක්‍ෂවරුන් සහ මාණ්ඩලික නිලධාරීන් සිය නිරීක්‍ෂණ සභාගත කර එම කරුණු සඳහා විසඳුම් ලබාදීමේ ක්‍රියා පටිපාටිය පිළිබඳව විස්තර කලහ. ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සියලුම අණදෙන නිලධාරීන් සහ මාණ්ඩලික නිලධාරීන් මෙම පාලන පරීක්‍ෂාව සඳහා සහභාගි වූහ.