03rd June 2024 18:35:20 Hours
අයහපත් කාලගුණික තත්ත්වයෙන් ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් අවතැන් වූ ජනතාව සතු ගැටළු විසඳීම සඳහා සම්බන්ධීකරණ සම්මන්ත්‍රණයක් 2024 ජුනි මස 02 දින සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සම්මන්ත්‍රණය සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ, 14 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච්. බණ්ඩාරනායක යූඑස්පී, සීතාවක ප්‍රාදේශීය ලේකම්, යුද්ධ හා ගුවන් හමුදාවන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, පොලිස් නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරින් පිරිසක් සහභාගි වූහ.
අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ ප්‍රදේශයන්ට බලපාන තීරණාත්මක කරුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමුකරමින් පැවති මෙම සාකච්ඡාවේදී අවතැන් වූ ජනතාවට ආහාර සැපයීම, විදුලිය හා සන්නිවේදන සේවා යථා තත්ත්වයට පත්කිරීම සහ ත්‍රිවිධ හමුදාව සමඟ ඒකාබද්ධව ආපදා සහන ක්‍රියාන්විතයන් දියත් කිරීම පිළිබඳව සාකච්ඡා කෙරිණි. රජයේ බලධාරීන් විසින් ක්‍රියාත්මක කරනු ලබන ආපදා සහන වැඩසටහන් සඳහා සහය ලබාදීමට යුද්ධ හමුදාව වෙතින් අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගනු ලබන බව ද මෙහිදී යුද්ධ හමුදාධිපතිතුමන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.