Header

Sri Lanka Army

Defender of the Nation

01st June 2024 07:18:59 Hours

උසස්වීම් ලද මේජර් ජෙනරල් ඩබ්ලිව්.ජී.පී. සිසිර කුමාර ආර්එස්පී වෙත යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් නිල ලාංඡන පළඳවයි

පසුගිය දා උසස්වීම් ලැබූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.ජී.පී. සිසිර කුමාර ආර්එස්පී වෙත 2024 මැයි මස 31 දින යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩියූ ගේ සුරතින් නිල ලාංඡන පැළඳවීය.

මෙම අවස්ථාවේදී පැවති සුහඳ හමුවේදි, ජාතියේ අභිවෘද්ධිය උදෙසා දශක තුනකට අධික කාලසීමාවක් පුරාවට එතුමන් විසින් සිදුකරනු ලැබූ අනුපමේය සේවය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් සිය කෘතඥතාවය පුදකළේය. එතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වේ.

සුහඳ හමුවෙන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත සංකේතාත්මක අසිපතක් පිරිනමනු ලැබීය. යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ලබාදුන් සුබපැතුම් වෙනුවෙන් උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත ස්තූතිය පුදකළ අතර මෙම අවස්ථාව සනිටුහන් කරමින් ඡායාරූප කිහිපයකට ද පෙනී සිටියේය.