Header

Sri Lanka Army

Defender of the Nation

31st May 2024 08:03:06 Hours

ආරක්‍ෂක ලේකම්තුමන් දීඝවාපිය පුදබිමේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ නිරීක්‍ෂණය කරයි

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆීල්, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ ආර්එස්පී වීඑස්වී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් 2024 මැයි මස 30 දින දීඝවාපිය සහ නීලගිරිය පුදබිමේ ප්‍රතිසංස්කරණ කටයුතුවල ප්‍රගතිය පිළිබඳ නිරීක්‍ෂණය කිරීමේ අරමුණින් එම පුදබිම තුළ සංචාරයක නිරතවූහ.

සංචාරයේ ආරම්භය සනිටුහන් කරමින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරින් එම විහාරස්ථානයන්හි විහාරාධිපති මහඔය සෝභිත හිමිපාණන් බැහැදැක සුවදුක් විමසීමෙන් අනතුරුව ප්‍රතිසංස්කරණ කටයුතුවල ප්‍රගතිය පිළිබඳ සොයාබැලීය. අනතුරුව, ත්‍රිවිධ හමුදා සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ භටපිරිස් විසින් එම විහාරස්ථාන පරිශ්‍රයන්හී ඉදිකරනු ලබන ධාතු මන්දිරය, වන්දනාකරුවන්ගේ විවේකාගාරය සහ සංඝාවාසයේ ඉදිකිරීමේ කටයුතු පිළිබඳ නිරීක්‍ෂණය කළ අතර එම පුදබිමේ කැණීම් කටයුතු සිදුකරන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟින් ද සුහඳ අදහස් හුවමාරුවක නිරතවූහ.

අම්පාර ප්‍රදේශයේ සංචාරයෙන් අනතුරුව පොතුවිල්, සෙංගමුව නීලගිරි චෛත්‍ය විහාරස්ථානය වෙත සපැමිණි එම ජ්‍යෙෂ්ඨ නිලධාරින් ශ්‍රී ලංකා ගුවන් හමුදා භටපිරිස් විසින් මේ වනවිට එම විහාරස්ථානයේ සිදුකරනු ලබන ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳව ද නිරීක්‍ෂණය කළහ.

මෙම සංචාරයට, ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී සහ ගිනිකොන නාවික පෙදෙසේ ආඥාපති රියර් අද්මිරාල් එම්.ටී.එස්. කරුණාතුංග ආර්එස්පී යූඑස්පී පීඑස්සී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.