Header

Sri Lanka Army

Defender of the Nation

29th May 2024 13:30:30 Hours

4 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මූලිකත්වයෙන් රුධිර පරිත්‍යාග වැඩසටහනක්

මව්බිම වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ට පිං අනුමෝදන් කිරීමේ අරමුණින් 4 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ඩී.එම්.වී.එම්.ආර්. දිසානායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම මත 2024 මැයි මස 18 දින ක්ලැපන්බර්ග් කඳවුරේදී රුධිරය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.

ත්‍රිකුණාමලය මහ රෝහලේ අවශ්‍යතාවයන් සැපීරීම වෙනුවෙන් 4 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සාමාජිකයන් ඇතුළු යුද්ධ හමුදා, නාවික හමුදා, ගුවන් හමුදා, පොලිසිය සහ විශේෂ කාර්ය බලකායේ පරිත්‍යාගශීලීන් 83 දෙනෙකු මෙම වැඩසටහන සඳහා සහභාගී වී සිය රුධිරය පරිත්‍යාග කරනු ලැබූහ.