28th May 2024 17:08:53 Hours
ඉංජිනේරු සේවා බලකායේ 15 වන කර්නල් සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී. පෙරේරා ආර්ඩබ්ලිව්පි යූඑස්පී එන්ඩීයූ පීඑස්සී 2024 මැයි මස 21 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පැවති උත්සවයකදී රාජකාරි භාරගත්තේය.
රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි කර්නල් සේනාවිධායකතුමන් එම රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරයන් ද එතුමන් වෙත පිරිනැමූහ.
ඉන් අනතුරුව, රෙජිමේන්තු සරඹ භූමියේදී ඉංජිනේරු සේවා බලකා භටපිරිස් විසින් නව කර්නල් සේනාවිධායකතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබූහ.
මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී. පෙරේරා ආර්ඩබ්ලිව්පි යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කළේය. පසුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් නව කර්නල් සේනාවිධායකතුමන් රෙජිමේන්තු කාර්ය මණ්ඩලය සමඟින් සමූහ ඡායාරූප කිහිපයකට සහභාගී වීමෙන් අනතුරුව කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.
ඉන් අනතුරුව, නිලධාරින් ආමන්ත්‍රණය කළ මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී. පෙරේරා ආර්ඩබ්ලිව්පි යූඑස්පී එන්ඩීයූ පීඑස්සී එතුමන්ගේ දැක්ම පිළිබඳ පැහැදිළි කළ අතර රෙජිමේන්තු ප්‍රතිරූපය ආරක්‍ෂා කිරීම සඳහා කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳව ද අවධාරණය කළේය.
උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගී වූ නව කර්නල් සේනාවිධායකතුමන් එම අවස්ථාව සඳහා සහභාගී වූවන් සමඟ සුහඳ පිළිසඳරක ද නිරතවිය.