28th May 2024 16:29:12 Hours
නිරිතදිග මෝසම් වර්ෂාවේ ආරම්භයත් සමඟ පුත්තලම දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවීම හේතුවෙන් ගංවතුර තත්ත්වයක් ඇති විය. ඉන් පීඩාවට පත් ප්‍රදේශවාසීන් වෙනුවෙන් පිසූ ආහාර ඇතුළු අනෙකුත් අවශ්‍යතාවයන් ලබාදීමට යුද්ධ හමුදා භටපිරිස් කටයුතු කරනු ලබයි.
ඒ අනුව, පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙතින් සිදුකළ ඉල්ලීමකට අනුව විපතට පත් පුද්ගලයන් 400 ක් වෙත ආහාර පිළියෙල කිරීම සඳහා අවශ්‍ය සලාක ලබාදෙනු ලැබීය. 58 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සී.ඒ. රාජපක්‍ෂ ආර්එස්පී ගේ මඟපෙන්වීම මත 2024 මැයි මස 20 දින පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් වෙත ආහාර පාර්සල් 400 ක් ද පිරිනමනු ලැබීය.