28th May 2024 17:09:07 Hours
56 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී විසින් 2024 මැයි මස 21 දින 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ නිල සංචාරයක නිරත විය.
2(ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ අණදෙන නිලධාරී මේජර් එස්.ජී.එම්. ප්‍රේමතිලක විසින් බලකාධිපතිතුමන් පිළිගැනීමෙන් අනතුරුව එම ඒකකයේ පරිපාලන කටයුතු පිළිබඳ බලකාධිපතිතුමන් දැනුවත් කළේය.
මෙම සංචාරයේදී, බලකාධිපතිතුමන් එම ඒකකයේ නිලධාරීන් සමඟ සුහඳ අහදස් හුවමාරුවක නිරත වෙමින් පුහුණුව, විනය පවත්වාගැනීම, ආරක්‍ෂාව සහ ජාතිය ගොඩනැගීම මෙන්ම ඒකකයේ ප්‍රවර්ධනය වෙනුවෙන් කටයුතු කිරීම සහ උසස් ප්‍රමිතීන් පවත්වා ගැනීම පිළිබඳ අවශ්‍ය උපදෙස් ලබාදුන්නේය.
මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.