Header

Sri Lanka Army

Defender of the Nation

28th May 2024 16:40:17 Hours

23 පාබල සේනාංකය වෙතින් රුධිර පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරයි

23 පාබල සේනාංකය ඒ යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකකයන්හී සහභාගීත්වයෙන් මඩකලපුව හෙද විද්‍යාලයේ රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ සහයෝගය මත 2024 මැයි මස 22 දින රුධිර පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.

23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී. කාරියවසම් ගේ අධීක්‍ෂණය මත පැවැත්වූ මෙම වැඩසටහන සඳහා නිලධාරීන් සහ සෙසුනිලයින් ඇතුළු පරිත්‍යාගශීලීන් 100 කට අධික පිරිසක් සහභාගී වී සිය රුධිරය පරිත්‍යාග කළහ.