Header

Sri Lanka Army

Defender of the Nation

27th May 2024 19:45:38 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විනයාරක්‍ෂාධිපතිතුමන් 3 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ නිල සංචාරයක

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විනයාරක්‍ෂාධිපති බ්‍රිගේඩියර් ආර්.ඩී. සලේ එන්ඩීසී 2024 මැයි මස 22 දින 3 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ නිල සංචාරයක නිරත විය.

එම ඒකක මූලස්ථානය වෙත සපැමිණි විනයාරක්‍ෂාධිපතිතුමන් 3 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් එම්.ඩී.එස්.යූ.කේ. වීරසිංහ යූඑස්පී පීඑස්සී විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එම ඒකකයේ කාර්යභාරයන් පිළිබඳ එතුමන් සවිස්තරාත්මකව දැනුවත් කරනු ලැබීය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමූහ ඡායාරූප කිහිපයකට පෙනීසිටි විනයාරක්‍ෂාධිපතිතුමන් එම කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය. පසුව, භටපිරිස් ආමන්ත්‍රණය කළ එතුමන් සියලු නිල තේ පැන් සංග්‍රහයකට ද සහභාගී විය.

මෙම සංචාරය සමාප්තියේ, විනයාරක්‍ෂාධිපතිතුමන් එම ඒකකයේ විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් තැබීය. පසුව එතුමන් කඳවුරු පරිශ්‍රයේ නිරීක්‍ෂණ සංචාරයක නිරතවිය.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.