27th May 2024 17:56:03 Hours
යුද්ධ හමුදා මූලස්ථානයේ පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී. කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සඳුදා (මැයි මස 27) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී රාජකාරි භාරගත්තේය.
ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී. කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබීය.
මීට ප්‍රථම මේජර් ජෙනරල් පී.කේ.එස්. නන්දන ආර්එස්පී යූඑස්පී පීඑස්සී විසින් මෙම ධූරය හෙබවීය. මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී. කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී මෙම ධූරයට පත්වීමට ප්‍රථම 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති ධූරය හෙබවීය.
මෙම අවස්ථාව සඳහා පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.