Header

Sri Lanka Army

Defender of the Nation

27th May 2024 14:44:57 Hours

21 පාබල සේනාංකය වෙතින් ‘ශාන්තිසෙවන’ වැඩිහිටි නිවාසයේ නේවාසික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරයි

සාලියපුර ‘ශාන්තිසෙවන’ වැඩිහිටි නිවාසයේ නේවාසික ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ යහපැවැත්ම වෙනුවෙන් 21 පාබල සේනාංකයේ භටපිරිස් විසින් 2024 මැයි මස 18 දින එම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ හිසකෙස් කැපීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.

21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.එච්.කේ.එස්.එස්. හේවගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ගේ මඟපෙන්වීම මත භටපිරිස් විසින් 2024 මැයි මස 20 දින එම වැඩිහිටි නිවාසයේ නේවාසික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනැමීය.

මෙම වැඩසටහනේ සමාප්තිය සනිටුහන් කරමින් යුද්ධ හමුදා කැලිප්සෝ කණ්ඩායම වෙතින් සංගීතමය වැඩසටහනක් ද පැවැත්වීය. මෙම අවස්ථාවට 21 පාබල සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.