Header

Sri Lanka Army

Defender of the Nation

27th May 2024 14:28:59 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපති, 7 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ නිල සංචාරයක

56 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2024 මැයි මස 20 දින 7 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ නිල සංචාරයක නිරත විය.

ඒකක මූලස්ථානයේ ප්‍රධාන දොරටුව වෙත සපැමිණි බලකාධිපතිතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරයන් පිරිනැමීමෙන් අනතුරුව එම ඒකකයේ අණදෙන නිලධාරිතුමන් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව, එතුමන් කඳවුරු පරිශ්‍රය වෙත ගොස් ඒකකයේ කාර්යභාරයන් පිළිබඳ දැනුවත් විය. කඳවුරු සංචාරයක නිරත වූ බලකාධිපතිතුමන් එම ඒකකයේ කාර්යක්‍ෂමතාවය තවදුරටත් ඉහළ නැංවීම සඳහා අවශ්‍ය මඟපෙන්වීම් ලබාදෙමින් එම ඒකකයේ නිලධාරින් ආමන්ත්‍රණය කළේය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් ඒකක මූලස්ථානයේ කාර්ය මණ්ඩලය සමඟ සමූහ ඡායාරූප කිහිපයකට පෙනීසිටි බලකාධිපතිතුමන් එම කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය. කඳවුරු පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් එක්ව සිටියහ.