Header

Sri Lanka Army

Defender of the Nation

27th May 2024 18:08:50 Hours

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ 23 වන බලකාධිපති රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ 23 වන බලකාධිපති ලෙස මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩිසී පීඑස්සී 2024 මැයි මස 22 දින එම රෙජිමේන්තූ මධ්‍යස්ථානයේදී හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි භාරගත්තේය.

රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩිසී පීඑස්සී එම රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එෆ්. ජෝසප් යූඑස්පී විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එතුමන් මානුෂීය මෙහෙයුමේදී දිවිපිදූ එම රෙජිමේන්තුවේ වීරෝදාර රණවිරුවන් වෙත පුෂ්පෝපහාර පුදකළේය.

පසුව, එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල රෙජිමේන්තු සම්මාන මුරයේ ගෞරවාචාරයන් පුදකළහ. ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මුල් සාමාජිකයෙකු වූ බලකාධිපතිතුමාගේ පියා වන කපිතන් ඒ.එච්. අමරපාල විසින් සාම්ප්‍රදායික පොල්තෙල් පහන දල්වන ලදී. අනතුරුව, නව බලකාධිපතිතුමන් රෙජිමේන්තු කාර්ය මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

ඉන් අනතුරුව, නව බලකාධිපතිතුමන් එම රෙජිමේන්තුවේ සියලුම නිලධාරින් ආමන්ත්‍රණය කරමින් එතුමන්ගේ රාජකාරි විෂය පථය පිළිබඳ දැනුවත් කළේය. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් නිලධාරි නිවස්නයේ පැවති තේ පැන් සංග්‍රහයකට සහභාගී වූ බලකාධිපතිතුමන් නිලධාරින් සමඟ සුහඳ පිළිසඳරක ද නිරතවිය.