27th May 2024 18:01:07 Hours
මේජර් ජෙනරල් එම්.ඩබ්ලිව්.ටී.සී. මෙත්තානන්ද යූඑස්පී එන්ඩීසී 2024 මැයි මස 21 දින භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපති ධූරයෙන් නික්ම යනු ලැබීය.
ධූරයෙන් නික්ම යන මේජර් ජෙනරල් එම්.ඩබ්ලිව්.ටී.සී. මෙත්තානන්ද යූඑස්පී එන්ඩීසී වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එතුමන් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි භාරදෙනු ලැබීය.
ධූරයෙන් නික්ම යන භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපතිතුමන් මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය. ඉන් අනතුරුව, සියලු නිලයන් ආමන්ත්‍රණය කළ එතුමන් සිය සේවා කාලය තුළ සියලු නිලයන් සේවය සඳහා දැක්වූ කැපවීම ඇගයීමට ලක්කළේය.
පසුව, සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගී වූ එතුමන් එම අවස්ථාව සඳහා සහභාගී වූ සියලු නිලයන් සමඟින් සුහඳ පිළිසඳරක නිරතවිය.
මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.