27th May 2024 14:25:00 Hours
වෙසක් උත්සවයට සමගාමීව 64 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.එස්. දේවප්‍රිය යූඑස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම මත එම සේනාංක මූලස්ථානය ඉදිරිපිට දී 2024 මැයි මස 23 දින එළවළු බනිස් සහ තේ පැන් දන්සලක් පැවැත්විණි.
මීට අමතරව, 641 සහ 642 පාබල බලසේනා මුලස්ථානයන් විසින් නිර්මාණය කරනු ලැබූ වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනයක් ද සිදුකෙරිණි. වෙසක් කලාපය නැරඹීම සඳහා ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශය අවට වෙසෙන සිවිල් වැසියන් විශාල පිරිසක් පැමිණ සිටියහ.
මෙම වැඩසටහන් සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ඔවුන්ගේ භාර්යාවන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගි වූහ.