Header

Sri Lanka Army

Defender of the Nation

27th May 2024 14:21:31 Hours

වෙසක් උත්සවය වෙනුවෙන් 59 පාබල සේනාංකය වෙතින් වෙසක් කලාපයක් සහ දන්සලක් පවත්වයි

වෙසක් උත්සවයට සමගාමීව, 59 පාබල සේනාංකයේ භටපිරිස් 2024 මැයි මස 23 සහ 24 දෙදින තුළ පුදුකුඩිඉරිප්පු මහජන ක්‍රීඩාංගණයේදී වෙසක් කලාපයක් සහ දන්සලක් පැවැත්වීය.

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ උපදෙස් හා 59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.පී.එම්. විජේසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ 593 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එච්.වී.ඒ සෝමවීර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ අධීක්‍ෂණය මත මෙම වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කෙරිණි.

වෙසක් කලාපය නැරඹීම සඳහා සපැමිණි මුලතිව් ප්‍රදේශයේ 20,000 කට අධික බැතිමතුන්ගේ නෙත් පිනවමින් වර්ණවත් වෙසක් පහන් කූඩු මෙහිදී ප්‍රදර්ශනය කෙරිණි. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.