27th May 2024 17:55:00 Hours
56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මූලිකත්වයෙන් වවුනියාව ප්‍රදේශයේ වෙසෙන ගර්භනී මාතාවන් වෙත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් 2024 මැයි මස 23 දින ක්‍රියාත්මක කරනු ලැබීය.
ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුල් වෙත සහනාධාර ලබාදීමේ අරමුණින් ඕෂධී අතුකෝරල මහත්මියගේ අනුග්‍රාහකත්වය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.
මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.