Header

Sri Lanka Army

Defender of the Nation

26th May 2024 16:10:10 Hours

241 පාබල බලසේනාව වෙතින් වෙසක් කූඩු ප්‍රදර්ශනයක් පවත්වයි

241 පාබල බලසේනාව වෙතින් ක්‍රියාත්මක කරනු ලබන තවත් ප්‍රජා මූලික වැඩසටහනක් වශයෙන් 11 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් වෙසක් කූඩු ප්‍රදර්ශනයක් පැවැත්වීය.

24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී සහ 241 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.එස්.ඩී.එන්. පතිරත්න ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම සහ අධීක්‍ෂණය මත සිවිල් වැසියන් සහ හමුදා සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් 2024 මැයි මස 23 දින මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

මෙම අවස්ථාවට අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ මුස්ලිම් සහ දමිළ වැසියන් විශාල පිරිසක් මෙන්ම එම ප්‍රදේශයේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.