Header

Sri Lanka Army

Defender of the Nation

26th May 2024 18:07:03 Hours

18 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් කල්මුණේ ප්‍රදේශයේදි වෙසක් කලාපයක් පවත්වයි

වෙසක් පුර පසලොස්වක පුන් පොහෝ දිනයට සමගාමීව 18 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් කල්මුණේ වෙරළ තීරයේදී ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් වෙසක් කලාපයක් පැවැත්වීය.

මෙම වෙසක් කලාප පරිශ්‍රයේදී බැතිමතුන් වෙනුවෙන් දන්සැලක් ද පැවැත්විණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ 241 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.එස්.ඩී.එන්. පතිරත්න ආර්එස්පී යූඑස්පී ගේ සුරතින් වෙසක් කලාපය බැතිමතුන් වෙනුවෙන් විවෘත කෙරිණි.