Header

Sri Lanka Army

Defender of the Nation

26th May 2024 12:37:10 Hours

212 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් නොච්චියාගම සහ තඹුත්තේගම ප්‍රදේශවාසීන්ට වියළි ආහාර සලාක පාර්සල් පරිත්‍යාගයක්

212 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ කොළඹ ප්‍රදේශයේ වෙසෙන කුමා වීරසූරිය මහතා සහ එතුමන්ගේ මිතුරන්ගේ අනුග්‍රාහකත්වය මත 212 පාබල බලසේනාවේ භටපිරිස් විසින් නොච්චියාගම සහ තඹුත්තේගම ප්‍රදේශවල ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුල් 200 ක් වෙත රුපියල් 1,000,000.00 ක වටිනාකමකින් යුත් වියළි ආහාර සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් 2024 මැයි මස 20 දින ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම අවස්ථාවට 212 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ආර්.එම්.සී. රත්නායක ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පි ප්‍රමුඛ එම බලසේනාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.