26th May 2024 12:28:55 Hours
ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ගාලුමුවදොර වෙසක් කලාපයේදී පවත්වනු ලැබූ ‘වෙසක් බක්ති ගීත - 2024’ වැඩසටහනේ තෙවන අදියර 2024 මැයි මස 25 දින පැවැත්විණි.
මෙම වැඩසටහන සඳහා ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී. ඒකනායක, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය ද සහභාගී වූහ.
උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ගේ සුරතින් වෙසක් කලාපය ආලෝකමත් කිරීමෙන් අනතුරුව යුද්ධ හමුදා භටපිරිස් විසින් සංවිධානය කරනු ලැබූ වෙසක් බැති ගී වැඩසටහන සහ සංස්කෘතික අංගයන් පැවැත්විණි.
අනතුරුව, ගාලුමුවදොර වෙසක් කලාප පරිශ්‍රයේ නිර්මාණය කරනු ලැබූ වෙසක් තොරණ යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රමුඛ ආරාධිතයින් විසින් දල්වන ලදී. පසුව, මෙම අවස්ථාව සඳහා සහභාගී වූ සියලුම බැතිමතුන් වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී සංවිධානය කරනු ලැබූ බත් දන්සල ආරම්භ කෙරිණි.
මෙම අවස්ථාවට රාජ්‍ය නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ බැතිමතුන් විශාල පිරිසක් සහභාගි වූහ.