Header

Sri Lanka Army

Defender of the Nation

25th May 2024 14:43:14 Hours

2024 ‘දියවන්නා වාර්ෂික වෙසක් කලාපයේ’ ආරම්භක අවස්ථාවට යුද්ධ හමුදාධිපතිතුමන් සහභාගී වෙයි

ආරක්‍ෂක අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාවන් සහ ස්වාධීන රූපවාහිනී ජාලය ඒකාබද්ධව සංවිධානය කරනු ලැබූ 2024 ‘දියවන්නා වෙසක් කලාපය’ මැයි මස 23 දින ආරම්භ කෙරිණි.

මෙම අවස්ථාව සඳහා මහා සංඝරත්නය ප්‍රමුඛ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆීල් සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.

උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් සියලුම සම්භාවනීය අමුත්තන් විසින් සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ගේ සුරතින් වෙසක් පහන් කූඩුවල විදුලි බුබුළු දැල්වීය.

ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ නිර්මාණාත්මක හැකියාවන් එළිදක්වමින් නිර්මාණය කරනු ලැබූ වෙසක් පහන් කූඩු සහ අනෙකුත් නිර්මාණයන් බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත සහ ආරක්‍ෂක අමාත්‍යාංශ මාර්ගය ආවරණය කරමින් පැවති වෙසක් කලාපය තුළ ප්‍රදර්ශනය කරනු ලැබීය.

උත්සවය ආරම්භ වීමෙන් අනතුරුව, සියලුම ආරාධිතයින් සංස්කෘතික අංගයන් කිහිපයක් දැකබලාගැනීමට සහභාගී වීමෙන් පසුව වෙසක් කලාපය තුළ ප්‍රදර්ශනය කෙරුණු ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ නිර්මාණයන් නිරීක්‍ෂණය කළහ. උත්සවයේ වර්ණවත් බව තවදුරටත් වැඩිකරමින් ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් භක්ති ගීත වැඩසටහනක් ද පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා රාජ්‍ය නිලධාරින්, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වූහ.