25th May 2024 13:21:58 Hours
නුනාවිල් ප්‍රදේශයේ වෙසෙන නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරදීම සඳහා 11 කාරක ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ භටපිරිස් විසින් 2024 මැයි මස 22 දින මුල්ගල තැබීය. 52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම සහ 523 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් එස්.එම්.සී.ඒ.එස්. සමරතුංග ආර්එස්පී ගේ අධීක්‍ෂණය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.
ඔස්ට්‍රේලියාවේ Imaging International Compassion පුද්ගලික සමාගමේ ත්‍යාගශීලී පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රාහකත්වය මත යුද්ධ හමුදා භටපිරිස් විසින් මෙම නව නිවසේ ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලබයි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 52 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සහභාගී වූ අතර පුණ්‍යායතන සාමාජිකයින්, ක්‍රිස්තියානි ආගමික නායක ඒ. අරුල් මහතා සහ ක්‍රිස්තියානි ආගමික නායකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයින්, නිවාසලාභී පවුලේ සාමාජිකයින් සහ ප්‍රදේශවාසීන් පිරිසක් ද එක්ව සිටියහ.