23rd May 2024 18:26:21 Hours
24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම යටතේ එම පාබල සේනාංකය වෙතින් 2024 මැයි මස 19 දින එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී රුධිර පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
අම්පාර දිස්ත්‍රික් රෝහලේ ප්‍රාදේශීය රුධිර මධ්‍යස්ථානයේ හදිසි රුධිර අවශ්‍යතාවයන් සපුරාලීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණී. ප්‍රදේශයේ අත්‍යාවශ්‍ය රුධිර අවශ්‍යතාවය සපුරාලීමේ අරමුණින් මෙම වැඩසටහන සඳහා සේනාංකය යටතේ සේවයේ නියුතු භටපිරිස් 122 දෙනෙක් සහ සිවිල් වැසියන් සිය රුධිරය පරිත්‍යාග කළහ. ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.