Header

Sri Lanka Army

Defender of the Nation

22nd May 2024 17:32:03 Hours

55 පාබල සේනාංකය වෙසක් උත්සවය සමරයි

වෙසක් උත්සවය නිමිත්තෙන් 55 පාබල සේනාංකයේ භටපිරිස් විසින් ආගමික වැඩසටහන් මාලාවක් සංවිධානය කරන ලද අතර, එයට සමගාමීව 2024 මැයි මස 18 දින කිලිනොච්චි ලුම්බිණි විහාරස්ථානයේදී සර්ව ආගමික පූජ්‍ය පක්‍ෂය වෙත දානය පිරිනමනු ලැබීය.

55 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.කේ.එන්.සී ජයවර්ධන ආර්එස්පී එන්ඩීසී ගේ උපදෙස් මත මෙම උත්සවය සංවිධානය කරන ලදී.

මෙවැනි ආගමික වැඩසටහනක් සංවිධානය කිරීම පිළිබඳව එම අවස්ථාවට සහභාගී වූ සර්ව ආගමික පූජ්‍ය පක්‍ෂය යුද්ධ හමුදාව වෙත සිය ප්‍රශංසාව එක් කළහ.