23rd May 2024 07:03:20 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජී.එම්.එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී, කොළඹ 10, ආනන්ද බාලිකා විද්‍යාලයේ වාර්ෂික අන්තර් නිවාස ක්‍රීඩා උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූයේය.
පාසල් පරිශ්‍රය වෙත සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා පිළිගැනීම සඳහා පාසල් ශිෂ්‍යභඨ ඛණ්ඩය විසින් වීදි පෙළ සැදීමකින් අනතුරුව, එම පාසලේ පෙරදිග සහ බටහිර තූර්ය වාදක කණ්ඩායම් විසින් අලංකාරවත් තූර්ය වාදන සංදර්ශනක් ඉදිරිපත්කරනු ලැබීය. සහය දිවීමේ ප්‍රදර්ශණ තරඟ පැවැත්වීමෙන් පසුව පාසලේ ශිෂ්‍යාවන් විසින් සරඹ සංදර්ශණයක් ඉදිරිපත් කරන ලදී.
විදුහල්පතිතුමිය විසින් මෙම ක්‍රීඩා උත්සවය සඳහා සපැමිණි ආරාධිත අමුත්තා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. මෙහිදී ආනන්ද බාලිකා විද්‍යාලයීය පාසල් ක්‍රීඩිකාවන්ගේ සුවිශේෂී මලල ක්‍රීඩා දක්‍ෂතා ඇගයීමට ලක්විය.
ක්‍රීඩා උත්සවය අවසානයේදී පාසල් සිසුවියන් ඇමතූ මේජර් ජෙනරල් ජී.එම්.එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ඔවුන්ට තම ජීවිතයේ ඇති ඉලක්ක හදුනා ගනිමින්, එම ඉලක්ක ජය ගැනීම සඳහා කාලය කළමනාකරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳ උපදෙස් ලබා දෙමින් විවිධ කුසලතා ඇති පාසල් ළමුන්ට අනාගතයේදී අභියෝග ජයගත හැකි ආකාරයද පැහැදිලි කළේය. සෑම පාසල් දරුවෙකුටම තම ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය ශක්තීන්, දුර්වලතා, තර්ජන සහ අවස්ථා හඳුනාගත යුතු බව එතුමන් වැඩිදුරටත් පැවසුවේය.