Header

Sri Lanka Army

Defender of the Nation

22nd May 2024 18:18:04 Hours

පරම වීර විභූෂණයෙන් පිදුම් ලැබූ වීරෝදාර රණවිරුවන් අනුස්මරණය කරමින් යුද්ධ හමුදා මූලස්ථානයේ ස්ථාපිත ඡායාරූප එකතුව යුද්ධ හමුදාධිපතිතුමන් විසින් විවෘත කරයි

පරම වීර විභූෂණ පදක්කමෙන් පිදුම් ලැබූ වීරෝදාර රණවිරුවන් අනුස්මරණය කරමින් යුද්ධ හමුදා මූලස්ථානයේ ස්ථාපිත යුද විශිෂ්ඨයින්ගේ ඡායාරූප එකතුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ ප්‍රධානත්වයෙන් 2024 මැයි මස 22 දින විවෘත කරනු ලැබීය.

පරම වීර විභූෂණ පදක්කම උත්තරීතර වීරත්වය වෙනුවෙන් පිරිනමන ශ්‍රී ලංකාවේ ඉහළම හමුදා ගෞරවය වන අතර, යුද්ධයේදී සුවිශේෂී වීරත්වයක් සහ නිර්භීතබවක් දැක්වූ තම ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කල ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිලධාරීන් සහ සෙසුනිලයින් වෙත මෙම පදක්කම පිළිගන්වනු ලබයි.

මෙම ඡායාරූප එකතුව නිර්භීතව, කැපවීමෙන් සහ සිය ජීවිත පරිත්‍යාගයෙන් යුතුව රාජකාරිය ඉටුකල එම රණවිරුවන්ට කරනු ලබන උපහාරයක් වශයෙන් නිර්මාණය කර ඇත.

මෙම උත්සව අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස් පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.