21st May 2024 20:53:51 Hours
මූල්‍ය කළමනාකරණ අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජි. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2024 මැයි මස 20 දින ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක ධූරයෙන් නික්ම යනු ලැබීය.
රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි එතුමන් ඉංජිනේරු සේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ රෙජිමේන්තු සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. ඉන් අනතුරුව, ධූරයෙන් නික්මයන කර්නල් සේනාවිධායකතුමන් සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් එතුමන් කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් ද රෝපණය කළේය.
එතුමන් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් එම ධූරයේ රාජකාරි නිල වශයෙන් භාරදෙනු ලැබීය. අනතුරුව සියලු නිලයන් ආමන්ත්‍රණය කරමින් තමන් කර්නල් සේනාවිධායක ලෙස රාජකාරි කරනු ලැබූ කාලය තුළ රෙජිමේන්තුව ලබා ඇති ජයග්‍රහණයන් සිහිපත් කළ අතර, ඒ සඳහා කැපවී කටයුතු කල සියළුම නිලධාරීන් සහ සෙසු නිලයින් ඇගයීමට ලක් කලේය. පසුව බළලත් නිලධාරී සහ සැරයන් නිවස්නය වෙත ගොස් ඔවුන් සමඟින් සුහදව අදහස් හුවමාරු කරගත් අතර, අමුත්තන්ගේ සමරු සටහන් පොතෙහි සටහනක් ද තැබීය.
එතුමන් වෙනුවෙන් නිලධාරී නිවස්නයේදී සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පවත්වන ලදී.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් ද සහභාගි වූහ.