Header

Sri Lanka Army

Defender of the Nation

21st May 2024 20:51:45 Hours

පොදු සමා කාලය තුල නිවාඩු නොමැතිව නොපැමිණි යුද්ධ හමුදා සාමාජිකයින් 15,667 ක් නීත්‍යානුකූලව ඉවත් වෙයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් 2024 අප්‍රේල් මස 20 දින සිට මැයි මස 20 දින දක්වා නිවාඩු නොමැතිව නොපැමිණි යුද්ධ හමුදා සාමාජිකයින් සඳහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කරනු ලැබීය.

2023 දෙසැම්බර් මස 31 දින හෝ ඊට පෙර නිවාඩු නොමැතිව නොපැමිණි යුද්ධ හමුදා සාමාජිකයින් සඳහා මෙම පොදු සමා කාලය ප්‍රකාශයට පත් කරන ලද අතර, එම මසක පොදු සමා කාලය අවසානයේදී, නිවාඩු නොමැතිව නොපැමිණි නිත්‍ය සහ ස්වේච්ඡා හමුදා සාමාජිකයින් 15294 ක් ඔවුන්ගේ රෙජිමේන්තු මධ්‍යස්ථානවලින් තාවකාලිකව ඉවත්කිරීමේ කටයුතු සිදුකර ඇත.

දැනට විදේශගතව සිටින නිවාඩු නොමැතිව නොපැමිණි යුද්ධ හමුදා සාමාජිකයින් 373 දෙනෙකුද මෙම පොදු සමා කාලය තුළ නීත්‍යානුකූලව යුද්ධ හමුදාවෙන් ඉවත්කිරීමේ කටයුතු සිදුකර ඇත.