20th May 2024 20:02:58 Hours
2024 මැයි මස 20 වන දිනට යෙදී තිබූ 15 වන ජාතික රණවිරු සැමරුම් දිනයට සමගාමීව මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබු ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මේජර් ජෙනරල් ඩී.බී.එල් කොළොන්න යූඑස්පී සහ මේජර් ජෙනරල් ටී.සී පීරිස් ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.
උසස්වීම් ලැබූ නිලධාරින් සමඟ යුද්ධ හමුදාධිපතිතුමන් සුහද පිළිසඳරක නිරත වීමෙන් පසුව එතුමන් විසින් නව මේජර් ජෙනරල්වරුන් දෙදෙනා වෙත අසිපත් පිරිනමමින් සංකේතාත්මකව එම නිලයේ අධිකාරිය පිරිනමනු ලැබීය.
අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ස්තූතිය පලකළ නව මේජර් ජෙනරල්වරුන් දෙදෙනා සමූහ ඡායාරූප කිහිපයකට ද පෙනී සිටියේය.