17th May 2024 15:36:29 Hours
දියතලාව ස්ටේෂන් කන්ද කඳවුරු පරිශ්‍රයෙහි ආරම්භ කරනු ලැබූ 'Garrison Manor' නිවාඩු නිකේතනය ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් එස්.ආර්.බී අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ ප්‍රධානත්වයෙන් සඳුදා (මැයි මස 15) දින විවෘත කරනු ලැබීය.
දියතලාව ප්‍රදේශයට පැමිණෙන නිලධාරීන්, සෙසුනිලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සඳහා නවාතැන් පහසුකම් සැපයීමේ අරමුණින් මෙම නිවාඩු නිකේතනය ආරම්භ කරන ලදී.
17 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස්හි ශ්‍රමදායකත්වය සහ තාක්‍ෂණික දැනුම යොදා ගනිමින් නිවාඩු නිකේතනයේ ඉදිකිරීම් කටයුතු නිම කරන ලදී. විවෘත කිරීමේ අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් ද සහභාගි වූහ.