Header

Sri Lanka Army

Defender of the Nation

16th May 2024 17:53:55 Hours

5 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ බලඇණි පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන්

5 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ බලඇණි පුහුණු පාඨමාලාව 2024 මාර්තු මස 18 දින සිට මැයි මස 10 දින දක්වා ගල්කුලම පාබල බලඇණි පුහුණු පාසලේදී පවත්විණි.

සමාප්ති උත්සවය සඳහා සහභාගී වූ ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සමාප්ති දේශනය සිදුකරමින් භටපිරිස් පුහුණුවේ ඇති වැදගත්කම පිළිබඳව අවධාරණය කළේය.

සමාප්ති උත්සවය සඳහා 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.එච්.කේ.එස්.එස් හේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී, ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි සහ 21 පාබල සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වූහ.

බලඇණි පුහුණුව සඳහා නිලධාරීන් 9 දෙනෙකු සහ සෙසු නිලයින් 443 දෙනෙකු සහභාගී වූ අතර, පාඨමාලාවේ දක්‍ෂතා දැක්වූවන් පහත පරිදි වේ.

පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍යයා - කපිතන් ඩී.ජේ.කේ.එස් දෙණියගෙදර

දක්‍ෂතම වෙඩික්කරු - ලාන්ස් කෝප්‍රල් කේ.ජී.බී තිස්ස කුමාර

හොඳම ශාරීරික යෝග්‍යතාවය හිමි සෙබලා - සාමාන්‍ය සෙබල කේ.ඩී.එස් කුමාරසේකර

දක්‍ෂතම කණ්ඩායම : සී - කණ්ඩායම

සමස්ත ප්‍රතිශතය: 71.71%