Header

Sri Lanka Army

Defender of the Nation

16th May 2024 21:56:35 Hours

ශ්‍රී ලංකාවේ නව පාකිස්ථාන මහ කොමසාරිස්තුමන් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ පාකිස්ථානු ඉස්ලාමීය ජනරජයේ නව මහ කොමසාරිස්තුමන් වශයෙන් පසුගියදා ධූරයේ රාජකාරී භාරගනු ලැබූ මේජර් ජෙනරල් (ආර්) ෆහීම් උල් අසීස්, එච්අයි (එම්) (Major General (R) Faheem Ul Aziz, HI (M) 2024 මැයි මස 16 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.

මෙම සුහඳ හමුවේදී යුද්ධ හමුදාධිපතිතුමන් සහ ශ්‍රී ලංකාවේ පාකිස්ථානු ඉස්ලාමීය ජනරජයේ නව මහ කොමසාරිස්තුමන් ද්විපාර්ශවීය සහයෝගිතාවය පිළිබදව දෙරට අතර දිගුකාලයක් පුරා පවතින මිත්‍රත්වය පිළිබඳව අදහස් හුවමාරු කර ගත්තේය. අනතුරුව දෙරටේ සහයෝගීතාවය වැඩිකර ගැනීම පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරනු ලැබීය.

යුද්ධ හමුදාධිපතිතුමන් පාකිස්ථානය මගින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත දක්වන දායකත්වය වෙනුවෙන් සිය කෘතඥතාව පළකරමින් ශ්‍රී ලංකාවේ පාකිස්ථානු ඉස්ලාමීය ජනරජයේ නව මහ කොමසාරිස්තුමන්ගේ නව පත්වීම වෙනුවෙන් උණුසුම් සුබපැතුම් එක් කළේය. සුහඳ හමුව අවසානයේදී නව මහ කොමසාරිස්තුමන් විශේෂ අමුත්තන්ගේ සමරු පොතෙහි සටහනක් තැබුවේය. අනතුරුව දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය. මෙම අවස්ථාවට පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් මුහම්මද් ෆාරුක් ද සහභාගී විය.