16th May 2024 17:53:45 Hours
යුද්ධ හමුදා මූලස්ථානයේ සහ ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ උපදෙස් මත 12 විජයබාහු පාබල රෙජිමේන්තුවේ බලඇණි පුහුණු පාඨමාලා අංක 36 මාර්තු මස 18 දින සිට මැයි මස 10 දින දක්වා ආලන්කුලම් පුහුණු පාසලේ දී පවත්වනු ලැබීය.
මෙම පාඨමාලාවට සිතියම් කියවීම, ප්‍රතිත්‍රස්ථ මෙහෙයුම්, අභ්‍යන්තර ආරක්‍ෂක රාජකාරී, නගරබද සටන්, ජීව වෙඩි තැබීම, නිරායුධ සටන්, පිහිනුම් සහ ජීවිතාරක්‍ෂක පුහුණුව සහ 14 කාලතුවක්කු රෙජිමේන්තුවේ ක්ෂේත්‍ර චාරිකාවක් හා එහිදී කාලතුවක්කු හඳුන්වාදීම, ඉංජිනේරු බලසේනාවේ ක්ෂේත්‍ර චාරිකාවක් හා එහිදී බෝම්බ, පුපුරණ ද්‍රව්‍ය හඳුන්වාදීම ආදිය ඇතුලත් වූහ. මෙම පාඨමාලාව සඳහා නිලධාරීන් 08 දෙනෙකු සහ සෙසු නිලයින් 407 දෙනෙකු සහභාගී වූහ.
12 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ කණ්ඩායමක් විසින් බළඇණි පුහුණුවේ සමාප්තියට පෙර දිනයේදී ‘ජයසිකුරු මෙහෙයුම’ පිළිබඳ ඉදිරිපත් කිරීමක් සිදුකරනු ලැබීය.
පාඨමාලාවේ සමාප්ති දේශණය ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි විසින් සිදුකරනු ලැබූ අතර, එම අවස්ථාවට 57 පාබල සේනාංකයේ සහ 56 පාබල සේනාංකයේ සේනාංකාධිපතිවරුන්, ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික, 562 පාබල බලසේනාවේ බලසේනාධිපති ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරීන් සහ අනෙකුත් නිලයන් සහභාගී වූහ.
ත්‍යාග ප්‍රදානෝත්සවයේදී පහත සඳහන් නිලධාරීන් සහ සෙසු නිලයින් සඳහා කුසලාන ප්‍රදානය කරන ලදී.
දක්‍ෂතම කණ්ඩායම - සී කණ්ඩායම.
දක්‍ෂතම කණ්ඩායම් ඉදිරිපත් කිරීම - බී කණ්ඩායම
හොඳම පෙළ - සී කණ්ඩායමේ පළමු ඛණ්ඩයේ පළමු පෙළ
දක්‍ෂතම සිසුවා - ලාන්ස් කෝප්‍රල් එච්.සී.කේ.හේරත්
දක්‍ෂතම වෙඩික්කරු - ලාන්ස් කෝප්‍රල් එච්.සී.කේ.හේරත්
හොඳම ශාරීරික යෝග්‍යතාවය හිමි සෙබලා - පාබල සෙබල ඊ.එම්.සී.දිසානායක